View
in a larger map
View in Wikimapia
******************************************
සියනෑ කෝරළයේ ගඟබඩ පත්තුව නමින් හැදින්වෙන ගම්පහ දිසත්‍රික්කයට අයත්,කැළණි මිටියාවතෙහි පිහිටා ඇති සරු බිමක් ලෙස දෙකටන ග්‍රාමය හැදින්විය හැක. පසෙකින් පුරාණ කැළණි රජමහා විහාරයද අනෙක් පසින් කෑරගල පද්මවති පිරිවෙණින්ද මැදිවී සිටින අප ගමට තැනින් තැන පිහිටි කුඩා කදුගැට එක්කර දෙන්නේ ඉමහත් සෞන්දර්යයකි.සිවුදෙසින් දිස්වෙන නිල්වන් කෙත්යාය ප්‍රදේශයේ ජනතාවගේ ජීවන රටාව ලොවට හඩ ගා කියයි. වසරේ අගෝස්තු මාසය වෙත්ම සෑම නිවසක්ම රත්පැහයෙන් බබලවන රඹුටන් වගාවට ඉතා හිතකර පසක් හිමිවීම ගම්වාසීන් ලද මහත් වාසනාවකි.අතීතයේ සිටම පාරම්පරික වෙද වෘත්තියට හිමිකම් කියන වෙද පරම්පරාවලට අයත් වෙදමහතුන් රැසක් මෙම ප්‍රදේශයේ ජීවත් වෙති.නගරයට ආසන්නයේ පිහිටි නමුත් තවමත් අර්ධ නාගරීක බවක් පෙන්වන අප ප්‍රදේශයට නුදුරින් පිහිටි බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය අප ප්‍රදේශය නාගරීකරණය කරා යන ගමනට අත්වැලක් වී ඇත.රමණීය කැළණි නදියෙන් ලද පහස නිසාම හිමිවී ඇති ඉතා සෞමය දේශගුණය, අප ගමට පැමිණෙන ඕනෑම අයෙකු ආකර්ශණය කරගැනීමට සමත් වී ඇත.
********************************************************
ඉතිහාසය History
යුගයේ අවශ්‍යතාවයක්ව පැවති ඉංග්‍රීසි අධ්‍යාපනය දෙකටන ගම් පියසේ දරැවනටත් ලබාදීමේ මහගු කාර්යයට උරදීම සදහා 1945 ජුලි 02 දින ඉංග්‍රීසි පාසලක් ලෙස අප පාසල ආරම්භ වී ඇත. පද්මවති ජූනියර් ස්කූල් නමින් හැදුන් වු මෙහි ආරම්භක ශිෂ්‍ය සංඛ්‍යාව 20 කි.එදත් අදත් ප්‍රදේශය් ප්‍රභූ පවුල් දෙකක් වන හැළුම්මහර අභයවර්ධන පවුලේ ඩී. සී.පී. අභයවර්ධන මහතාගෙන් පාසල් භූමියත් දෙකටන නාමළුවේ කේ.ඩී. චාල්ස් අප්පූහාමි මහතාගෙන් මුල්ම පාසල් ගොඩනැගිල්ලත් පරිත්‍යාග කෙරුණි.

දෙකටන පද්මවති විද්‍යාලයේ අභිමානවත් ඉතිහාසය දෙස බලන විට 1945-1960 දක්වා වූ කාලය කැපී පෙනේ.මෙම කාලය පාසල ශාස්ත්‍රීය මෙන්ම විෂය බාහිර සෑම අංශයකින්ම විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇත.1956 දක්වා පාසලේ ඉගැන්වීම් මාධ්‍ය ඉංග්‍රීසි භාෂාව විය.1960 දී කලා අංශයෙන් උ/පෙළ පංති ආරම්භවූ අතර 1961 දී පළමු ශිෂ්‍යාව විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. 1961 – 1965 කාලය තුළ සිසුන් 30 දෙනෙක් පමණ විශ්ව විදයාලයට ඇතුළත් වූ අය අතර වූහ. 1980 සිට 1991 දක්වා වූ කාලය තුළදී විද්‍යාලයේ භෙතික හා මානව සම්පත් වල ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් දක්නට ලැබේ. තෙමහල් විද්‍යාගාර , ක්‍රීඩාංගන , පුස්තකාලය පාසලට එක් විය. යුගයේ අවශ්‍යතාවය ඉටුකරලීම සදහා වසර 2000 දී පාසලට පරිගණක තාක්ෂණය ද හදුන්වා දෙන ලදී.

Milestones In our History
Her Birth Day : 2nd July 1945 First Name : English Junior School
Name Changed in 1959 as PATHMAWATHI M.M.V
Became to a CLUSTER School in 1986
Named as a Centrel College in 1991
Entered to Navodya School in 2002
Blessed as a Isuru School in 2008
Tele
No comments:
Post a Comment